2026 අප්‍රේල් 27
හිතවත් පාරිභෝගිකය,
යාවත්කාලීන කිරීමයි: මෝටර් රක්ෂණ වාරික ගෙවීම සම්බන්ධ විධිවිධාන සහ ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත
අපගේ වටිනා ගනුදෙනුකරුවෙකු බවට පත්වීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තූතියි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් මෑතකදී හඳුන්වා දුන් නියාමන වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස, 2026 මැයි 1 වන දින හෝ ඊට පසු නිකුත් කරන ලද මෝටර් රක්ෂණ සඳහා පහතයාවත්කාලීන කිරීම් අදාළ වන බව කරුණාවෙන් සලකන්න.
ආවරණය ආරම්භ වූ දිනයේ සිට දින 30 ක ණය කාලසීමාවක් (credit period) හිමි වේ. මෙම සීමාවට පසුවත් අදාළ වාරිකය ගෙවා නොමැති නම්, වාරික ගෙවීම් වගකීම වගන්තියට (Premium Payment Warranty Clause) අනුකූලව රක්ෂණය අවලංගු වනු ඇත. ණය කාල සීමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නියම කර ඇති විධිවිධානය ඔබගේ පරිශීලනය සඳහා මීට අමුණා තිබේ.
ඔබේ රක්ෂණ ආවරණයට බාධාවක් හෝ එය අවලංගු වීමක් සිදු නොවීම සඳහා, අදාළ කාලසීමාව තුළ වාරික ගෙවීම සිදුකරන මෙන් අපි ඔබගේන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත
ඊට අමතරව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද 2026 අංක 6 දරන විධිවිධානයට අනුව, 2026 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රක්ෂණ කාඩ්පත් නිකුත් කරනු ලබන්නේ ඩිජිටල් ක්‍රමයට පමණි. මින් ඉදිරියට භෞතික කාඩ්පත් ලබාදීමක් සිදු නොකෙරේ.
මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් සහයෝගයක් අවශ්‍ය නම් කරුණාකර සතියේ සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක 0112 428 428 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
අප කෙරෙහි රැඳ වූ විශ්වාසය සහ අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබට විශිෂ්ට සේවාවක් ලබාදීමට අප කැප වී සිටින බව අවධාරණය කරන්නෙමු.
මෙයට විශ්වාසී,
ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්
ඇමුණුම්:
2026 අංක 5 දරන විධිවිධානය
2026 අංක 6 දරන විධිවිධානය